දේව ප්‍රතිමා සොරකම් කර කැළණි ගඟේ පීනා ගිය සොරා.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 11, 2023 06:07 AM GMT
Report

මුල්ලේරියාව ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක තිබූ ලක්ෂ හතර හමාරක් පමණ වටිනා පිත්තලෙන් නිම කරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දෙවියන්ගේ ප්‍රතිමාවක් මෙන්ම චෛත්‍යයක කුඩා අනුරුවක් සොරකම් කළ තරුණයෙකු පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත. 

පෙරේදා (09) අදාළ සැකකරු මෙම දේව ප්‍රතිමාව සොරකම් කරගෙන ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු කැළණි ගඟට පැන පීනා ගොස් ඇත.

නැවත ඔහු ගොඩට පැමිණෙන අවස්ථාවේ දී පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

25 හැවිරිදි මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.සැකකරුට එරෙහිව දේපළ සොරාගැනීමට අදාළ නඩුවක්ද විභාගවෙමින් පවතියි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ද ඔහු වරදකරු වී දඬුවම් ලැබූවෙකු බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join