අවුරුදු 4ක සිඟිත්තියට සිය පියා විසින් වද දුන් සංවේදී සිදුවීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 19, 2022 02:41 AM GMT
Report

මට්ටක්කුලිය ප්‍රදේශයේ අවුරුදු 4යි මාස 11ක් වයසැති දැරියකට පහර දී කෲරත්වයට පත් කිරීමේ චෝදනාව මත ඇයගේ පියා ඊයේ (18) දින අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 28ක පුද්ගලයෙක් වන ඔහු සිය බිරිඳ අතර කලක පටන් පැවති ආරවුල් නිසා දැරිය මිත්තණියට බාර දී ඇති අතර මව විදේශගත වී තිබිණී.

සැකකරු ඉන් මාස දෙකකට පසුව ඔහුගේ නිවසට දැරිය රැගෙනවිත් පහර දී එම සිදුවීම් පටිගත කර විදේශගත වී සිටින බිරිඳ වෙත යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිය මිත්තණිය පසුගිය 12 වන දා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join