ATM කාඩ් වංචාවක්.
Sri Lanka Police
Sri Lanka
By krishani
පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල දී ඊයේ (29) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇති අතර ඉන් පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇත.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (30) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |