සැඟව සිටිය දී අවුරුදු 10කට පසු මරණීය දණ්ඩනය හිමි වූ පුද්ගලයෙක් අල්ල ගනී..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි වූ පුද්ගලයෙක් පෙරේදා (23) පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්තනගල්ල කහටෝවිට ප්‍රදේශයේ සඟව සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය සදහන් කළේ ය.
එම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමග 2000 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණ.ඒ අතරතුර සැකකරුට ඇප ලැබී තිබූ අතර පසුව ඔහු නඩුව සඳහා ඉදිරිපත් වී නොතිබුණ.
ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු ද නිකුත් කර අතර චුදිතයා නොමැතිව නඩු විභාගය පවත්වා ඇත.
ඔහුට මහාධිකරණය විසින් 2012 මැයි 08 වනදා මරණීය දණ්ඩනය තීන්දුකර විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... | 
 
                 
                 
                                             
        
     
     
     
     
    