12 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අතවර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අතවර කළ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක උප පාලකවරයෙකු ඊයේ (01) දින අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ මහරගම පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ උප පාලකවරයා ය.
වයස අවුරුදු 60ක් වන උප පාලකවරයා මාස හයක පමණ කාලය සිට මෙම දරුවා අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලබන මස 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |