ගුරුවරයෙක් 12හැවිරිදි සිසුවෙක්ව පාසල තුළ දී අපයෝජනය කරලා..
පනස් පස් හැවිරිදි ගුරුවරයෙකු විසින් දොළොස් හැවිරිදි සිසුවෙකු පාසල තුළ දී අපයෝජනයට ලක් කළ පුවතක් වාර්තා වේ.
සිද්ධියට හල්දුම්මුල්ල පොලිසිය විසින් ඊයේ (06) එම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසලේ වැසිකිළියක් තුළ දී මෙම සිසුවා අපයෝජනය කර ඇති බව පොලීසිය පවසයි.
එම පාසලේ වෙනත් සිසුන් මෙම ගුරුවරයාගෙන් අපයෝජනයට ලක් වී ඇත්දැයි සෙවීමට හල්දුම්මුල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති තිබෙනවා.
මේ අතර, ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ විදුහල්පතිවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අදාළ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් පොලිසිය වෙත සිදු කළ පැමිණිල්ලක් මතයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51ක් වන පුද්ගලයෙක් වන අතර ඔහුට එරෙහිව මීට පෙර ද පාසල් සංවර්ධන සමිතිය සහ දෙමාපියන් එක්ව කලාප අධ්‍යාපන කාර්‍යාලයට පැමිණිලි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන කාර්‍යාලය මඟින් ද පරීක්ෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා (03) වන දින අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |