කූඨ ලෙස මුදල් ගැරූ පුද්ගලයෙක් මාට්ටු වෙයි - ප්‍රදේශ ගණනාවකින් පැමිණිලි..

Sri Lanka Police Gampaha Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jun 05, 2023 08:57 AM GMT
Report

ඊයේ (04), ගම්පහ නගරයේ අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිට් පොලිස් නිලධාරීන් විසින් සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 04ක්, කුඩා ජංගම දුරකතන 03ක් සහ දුරකතන සිම්පත් 75ක් සොයාගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොළ, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල,අනුරාධාපුරය, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බව සිදු කළ වැඩිදුර විමර්ශනයේ දී හෙළි වි තිබෙනවා.

සැකකරු අන්තර්ජාලය හරහා විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් මොහුගේ ගිණුමට බැර කර ගැනීම් සිදු කර මුදල් වංචා ක‍ර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (05) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join