යකදුරෙකු කුඩා දැරියකට ඉඳිකටුවලින් ඇණ හිංසා කරලා..
බෙන්තොට - කහගල්ල - වඩුමුල්ල ප්‍රදේශයේ දේවාරූඪයෙන් ලෙඩ සුවකරන මුවාවෙන් අවුරුදු තුනහමාරක් පමණ වයසැති කුඩා දැරියකට ඉඳිකටුවලින් ඇණ හිංසා කළ යකදුරෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය ඇගේ මව සහ නැන්දණිය විසින් අදාළ එම ප්‍රදේශයේ දේවාලයට රැගෙනවිත් ඇත.
දැරියගේ ශරීර අභ්‍යන්තරයේ ඇති රෝගයක් සුව කර දීමට දෙපාර්ශවයේ එකඟතාව මත සැකකාර කපුවා අවස්ථා තුනක දී රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද මොවුන්ගෙන් ලබාගෙන ඇත.
එම දැරියගේ ශරීර අභ්‍යන්තරයේ භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කිසියම් රෝගයක් තිබෙන බැවින් එය දේව මණ්ඩලයේ නියමය පරිදි සුව කර දිය හැකි බව ඔහු පවසා ඇත.
ඒ අනුව ශරීරයෙන් රුධිරය පිටතට එන තෙක් ඉඳිකටුවලින් ඇණ මෙලෙස හිංසා කර ඇති බව පොලිසිය පවසයි.
පසුව ඇගේ පියා අලුත්ගම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම යකදුරා පොලිස් භාරයට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |