පලාගිය ඝාතකයෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 24, 2023 03:26 AM GMT
Report

මිරිහාන - ගල්වල පාර ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (23) මත්තේගොඩ පාරේ දී මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ය.

සැකකරු පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති 54 හැවිරිදි ගල්වල පාර, මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

ඒ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ය.

සජිත් මධුසංක නම් 34 හැවිරිදි තරුණයෙකු සිද්ධියෙන් මිය ගිය අතර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුව ඇත.

එම පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join