වැසිකිළියට රිංගා මහාචාර්යවරියකගේ පොකට් එකට විද්ද තරුණයෙකුට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By krishani May 23, 2023 06:20 AM GMT
Report

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ මහාචාර්යවරියගේ බෑගයෙන් කාන්තා වැසිකිළියට රිංගා රු.13000ක මුදල් සොරකම් කළ පුවතක් වාර්තා වේ.

එම සොරකම සිදුකළ තරුණයා කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව පවසා විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වී ඇති බව වාර්තා වන්නේ.

සැකකරු වයස අවුරුදු 27ක් වන අනුරාධපුර ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙක් වන අතර අනවසරෙන් කාන්තා වැසිකිළියට ඇතුල් වී එහි දොර අඟුලු කඩා මෙම සොරකම සිදු කර තිබෙන්නේ.

අදාළ එම මහාචාර්යවරිය දේශන අවසන් වී කාන්තා වැසිකිළියට ගොස් ඇති අතර දොර වසා තම අත්බෑගය මේසය මත තබා වැසිකිළියට ඇතුලු වී ඇත.එම අවස්ථාවේ සැකකරු පැමිණ මෙම සොරකම සිදු කර ඇත්තේ.

කෙසේවෙතත්, අත්අඩංගුවට ගත් සැකකරු ලබන 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join