ATM කුටියක පිටුපස දොරටු කඩා දමයි - එකවර හදිසි සංඥා නිකුත් විමත් සමගින් කොල්ලකරුවන් පිරිසකට සිදු වූ දේ.

Sri Lanka Police Sri Lanka
By krishani May 17, 2023 02:46 AM GMT
Report

වීරවිල නගරයේ සවි කර ඇති රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රයක් කඩා මුදල් ලබාගැනීමට කොල්ලකරුවන් පිරිසක් උත්සාහ දරා තිබෙනවා.

එම උත්සහාය පොලිසිය නිසා වැලකී ඇති බව වාර්තා වන්නේ.

එම බැංකුව මගින් පොලිසියේ සවිකර ඇති හදිසි සංඥාව අද (17) අලුයම 2.50 පමණ නාද වී තිබෙනවා.

ඒත් සමග පොලිස් කණ්ඩායමක් වහා එම ස්ථානයේ ගොස් ඇති අතර පොලිසිය පැමිණනෙ අයුරු දුටු කොල්ල කරුවන් පළාගොස් ඇත.

කෙසේවෙතත්, ඒ වන විටත් එම කුටියේ පිටුපස දොරටුව කඩා තිබූ බව පොලිසිය සඳහන් කළේ ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join