සුපිරි ධනවතුන් ලෙස පෙනී සිටි හරක්කටා ඇතුළු තවත් 08ක් අත්අඩංගුවට..

By krishani Mar 07, 2023 03:58 AM GMT
Report

මෙරට මත්කුඩු ජාවාරමේ සහ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා සහ සලිදු මල්ෂිත හෙවත් කුඩු සලිදු ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මැඩගස්කරයේ ඉවෝටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර හරක්කටාගේ බිරිඳ බවට පැවසෙන කාන්තාවක් ද ඔවුන් අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පෞද්ගලික ජෙට් යානයකින් ඔවුන් පසුගිය පෙබරවාරි මස 12 වන දා මැඩගස්කරයට පැමිණ ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සුපිරි ධනවතුන් ලෙස පෙනී සිට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join