නිධානයකින් ගත් පුරාවස්තු තොගයක් සමග සිව් දෙනෙකුට වැඩ වැරදුන තැන..
Sri Lanka Police
Sri Lanka
By krishani
නිධානයකින් ලබාගත් බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් විකිණීමට තැත් කළ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක් සහ තවත් තිදෙනකු අද (23) පෙරවරුවේ පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර හෝටලයක රථ ගාලේදී ය.
ඔවුන් අදාළ පුරාවස්තු තොගය රුපියල් කෝටි 03කට ආසන්න මුදලකට අලෙවි කිරීමටයි සූදානම් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරියා වයස අවුරුදු 34ක පසුවන අයෙක් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |