14 හැවිරිදි දැරියකට අමානුෂික පහරදීමක්..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 11, 2023 12:59 AM GMT
Report

වාද්දුව - පොතුපිටිය ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි සිටි 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හතරදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පළමු වන දා රාත්‍රියේ, කඩු කිනිසි, පොලු මුගුරු රැගෙන නිවසට පැමිණි පිරිසක් දැරියට අමානුෂික ලෙස දත් කැඩෙන අයුරින් පහරදී ඇයගේ මුඛයේ දුම්වැටියක් ද රඳවා පැන ගොස් ඇත.

එම පිරිසෙන් හතරදෙනෙකු සහ පැමිණි යතුරුපැදිය වාද්දුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම දින කළුතර හෝටලයක පැවති උත්සවයක් අතරතුර දී පුද්ගලයෙකු විසින් පහරකෑමට ලක්වූ දැරියට විවාහ යෝජනාවක් සිදුකර ඇත.

ඊට උරණ වූ දැරිය එම පුද්ගලයා තල්ලු කර බැණ වැදී ඇත.එම අවස්ථාවේ දි දැරියගේ ඥාතීන් ඊට මැදිහත්වීමත් සමඟ බහින්බස් වීම දුරදිග ගොස් ආරවුලක් හටගෙන ඇත.

පසුව දැරිය නිවසට පැමිණ සුළු වේලාවකට පසු වාහනවලින් සහ යතුරුපැදිවලින් පැමිණි සැකකරුවන් මෙම පහරදීම සිදුකර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join