පිරිසක් එකතු වෙලා ධාතුසේන රජතුමාගේ ඔටුන්න හොයලා..

Sri Lanka Police Sri Lanka
By krishani May 11, 2023 01:50 PM GMT
Report

ඊයේ (10), ස්කෑන් යන්ත්‍රයක් උපයෝගී කරගෙන සේරුනුවර කැලයක ධාතුසේන රජුට අයත් බව කියන ඔටුන්නක් සොයමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සේරුනුවර පොලීසියට ලද තොරතුරක් මත ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් මීරිගම, ඇලපාත, බුලත්සිංහල, ගම්පහ, කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

එම පිරිස අතර හතළිස් පස් හැවිරිදි යකැදුරකු ද සිටින බවත් ඉපැරණි පුස්කොළ පොතක තිබුණු විස්තරයක් අනුව ඔටුන්න සොයා කැලයට ආ බවත් ප්‍රශ්න කිරීම්වල දී සැකකරුවන් පවසා ඇත.

මේ අතර, අද (11) දින සැකකරුවන් මුතූර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join