බුම්මාගේ සමීපතෙක් පොලිස් අත්අඩංගුවට.

STF Sri Lanka
By krishani Feb 24, 2023 03:39 AM GMT
Report

විදේශ රටකට පළාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් “බුම්මා” නැමැත්තාගේ සමීපතමයෙකු මත් කුඩු සමඟ කොළඹ - මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (23) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිලූෂන් කුමාරසිරි නැමැති 24 හැවිරිදි තරුණයෙකී.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව යි.

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දා කොටහේන - ගල්පොත්ත මංසන්ධිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකරු ද ඔහු වේ.

ඒ සඳහා යොදා ගත් මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ඝාතන සඳහා භාවිතා කරනු ලබන කඩු 2ක්, ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් සහ ත්‍රිරෝධ රථයක් ද සොයාගෙන ඇති බව පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join