විදේශික තරුණයා දැලේ දාන්න හැදූ පුද්ගලයා ගහපු ගේම මාට්ටු වෙයි..

Police spokesman Sri Lanka Police Kalutara Sri Lanka Politician
By Aruna Apr 18, 2024 05:16 PM GMT
Report

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය පුරා මේ වන විටත් පැතිර යමින් පවතිනවා.

ඒ අනුව, අද දිනයේ මොරගල්ල සංචාරක පොලීසිය වෙත විද්‍යුත් පණිවුඩයක් මගින් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.

සැකකරු එම වෙළෙඳසැල අවට සිටින අයෙකු බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත. ඔහු නිරන්තරයෙන් මෙලෙස එම වෙළඳසැල වෙත පැමිණෙන විදේශිකයින් රවටා මුදල් ලබාගන්නා බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (19) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ මොරගල්ල සංචාරක පොලීසිය පැමිණ වෙළෙඳසැල් හිමියාගෙන් මෙම සිදුවීම පිළිබඳව අද ප්‍රශ්න කර ඇති අතර ඔහුට ද එහිදී දැඩිලෙස අවවාද කර තිබුණා.