රූපලාවන්‍ය සිදු කරන අය දැඩි අවධානයෙන්..ලිංගික උත්තේජන කළ අයට රතු එළියක්..

Sri Lanka Police Sri Lanka
By Aruna Feb 22, 2023 01:16 AM GMT
Report

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගබඩාවක් තුළ තිබියදී රූපලාවන්‍යාගාර සඳහා භාවිතයට ගන්නා ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග ආදී කාණ්ඩ 58ක පමණ විශාල භාණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව එහි තිබී ප්‍රමිතියෙන් තොර ලිංගික උත්තේජන ආලේපන වර්ග රැසක් ද සොයාගෙන තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වසර 04ක් තිස්සේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම භාණ්ඩ අලෙවිකරණයේ නිරතවී ඇති බවය.

ඒ අනුව මෙම ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

මෙම කටයුතු සිදුකළ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් 03ක් පිළිබඳ තොරතුරු වාර්තාවී ඇති අතර මෙම භාණ්ඩ ජර්මනියේ නිෂ්පාදන බවට හැඟවෙන ස්ටිකර් අලවා අලවේ කිරීම සිදුකරගෙන ගොස් තිබේ.

ප්‍රධාන වශයෙන් කුරියර් සේවාවක් මගින් භාණ්ඩ සැපයුම් සිදුකර ඇති බවත් හෙළිවී ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now