අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි - වාහනය තුළ මාසයක පමණ බිළිඳෙක්..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 10, 2023 07:54 AM GMT
Report

පොල්ගහවෙල අධිකරණය අසල දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය විසින් වෙඩිතබා තිබේ.

අදාල මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති අතර, එම වෙඩි පහර මෝටර් රථයේ ටයරයකට වැදී ඇති බව වාර්තා වනවා.

එහිදී, මෝටර් රථය කිලෝමීටරයක් පමණ ධාවනය වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එය නවතා එහි සිටි පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථය තුළ වයස මාසයක පමණ බිළිඳෙක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් සිට ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now