පොදුජන පෙරමුණේ සහය දිය යුත්තේ කාහටද..? ජී.එල්.හෙළිකරයි..!

Dullas Alahapperuma Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna
By Sewvandhi Jul 15, 2022 04:38 PM GMT
Report

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත්ව ඇති බැවින් පක්ෂයක් ලෙස සහයෝගය ලබා දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තරයෙකුට නොවන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඩලස් අලහප්පෙරුම මහතා අපේක්ෂකත්වයට ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබෙනවා. 

 කෙසේවෙතත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කියාසිටියේ තම පක්ෂය ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයට කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවයි. 

 ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කළ බවයි ඔහු කියාසිටියේ.

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට පොදුජන පෙරමුණේ නායකයන් තීරණයක් ගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එම තීරණයට පිටින් ගොස් ජනපති ධුරයට තරග කිරීමට තීරණය කළ ද පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි සාගර කාරියවසම් කියාසිටියේ.

ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාම යෝජනා කැඳවන අවස්ථාවේ තමන් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ. 

 නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ සාම්ප්‍රදායික බෙදීම් වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බවයි. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමඳ සහය, තමන් අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now