ජූනි සිට ප්ලාස්ටික් සහ පොලිතින් තහනම් වෙයි..

Mahinda Amaraweera Sri Lanka
By Aruna Feb 27, 2023 07:31 AM GMT
Report

එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන ප්ලාස්ක් සහ පොලිතින් ජූනි මාසයේ සිට තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍යංශ ලේකම් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

පරිසර අමාත්‍යාංශය මඟින් අනුරාධපුර ක්‍රියාත්මක කරන සුවදායී භූමිදර්ශන‍ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් අවම කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළ අතර පොලිතින් මල්මාලා, ප්ලාස්ටික් පිඟන් සහ කෝප්ප, යෝගට් හැඳි ආදී නැවත භාවිතයට නොගන්නා දේ තහනම් කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

නමුත් යෝගට් කප් සඳහා මේ වන තෙක් විකල්පයක් නොමැති බැවින් ඒ සඳහා තහනමක් යොදා නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි ප්ලාස්ටික් නිෂ්පාදන ලාභ මෙන්ම පහසු නිසා මිනිසුන් භාවිතයට හුරු වී ඇති අතර එයින් මෙරට දේශීය නිෂ්පාදකයාට තිබෙන අවස්ථාව අහිමි වී ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now