ජුනි 01වන දා සිට තහනම් වන භාණ්ඩ ලැයිස්තුවක් ගැන දැනුම්දීමක්..එම ලැයිස්තුව මෙතනින් දැනගන්න..
මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා පවසනවා.
ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී ඊයේ (30) පවත්වන ලද වැඩසටහනකදී සභාපතිවරයා මේ බව පැවසුවේය.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ සාගරයේ ප්ලාස්ටික අඩු කිරීමේ ක්‍රියාකාරිත්වය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනයේ මෙරට සැමරුම් දිනය පවත්වන ලදී.
වසර 2025 වන විටදීද තවත් ප්ලාස්ටික් භාණ්ඩ කීපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇතැයිද සභාපතිවරයා කියයි.
ඊට අදාළ භාණ්ඩ ලැයිස්තුව සකස් කරමින් පවතින බවද, සෝස් පැකට් ආදිය තවමත් තහනම් කර නැතැයිද ඔහු කීවේය.
මෙරට තුළ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් ජනනය වන බවද සභාපතිවරයා කීවේය.
මෙරට ජනනය වන කසළවලින් සියයට 60 ක් ඉතා පහසුවෙන් පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඉතිරි කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ පළාත් පාලන අධිකාරිය යාන්ත්‍රණයක් සකසා ඇතැයිද ඔහු කීවේය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |