හෙට ග්‍රහලෝක පහක සිදුවන විශේෂ වෙනස..

By Sithumi Jun 28, 2022 02:08 PM GMT
Report

සෞර ග්‍රහ මණ්ඩලයට අයත්ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය දැකගැනීමේ හැකියාව මේ දිනවල පවතින අතර, එම සංසිද්ධිය හෙට (29) අලුයම 4.40 සිට හිරු උදාව දක්වා වඩාත් හොඳින් දැකගත හැකි බව ග්‍රහලෝකාගාරයේ කථිකාචාර්ය ගීතාංජන වනිගසේකර මහතා පවසයි.

ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක එකවර අහසේ නිරීක්ෂණය කළ හැති අතර, චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන බැවින් අද අළුයම එය වඩා පැහැදිළිව දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.

තරමක් අහස මුදුනට වන්නට පිහිටා ඇති සෙනසුරු ග්‍රහලෝකය හඳුනාගැනීම තරමක් අපහසු වුවත් සිකුරු හා බ්‍රහස්පති යන ග්‍රහලෝක ඉතා දීප්තියෙන් යුතුව දැකගත හැකි නිසා එම ග්‍රහලෝක මනසින් යා කරමින් අනෙක් ග්‍රහලෝක ද හඳුනාගත හැකි බව වනිගසේකර මහතා සඳහන් කළේය. මෙම අවස්ථාව ජූලි මස පළමු සතිය දක්වාම දැකගත හැකි බව ද හෙතෙම කීවේය. මෙලෙස ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක යළිත් දැකගත හැකි වන්නේ 2040 වසරේදීයි.