විශේෂ රාජ්‍ය සේවක පිරිසක් වෙනුවෙන් කළ විශේෂ ඉල්ලීම..
ඉන්ධන අර්බුදය නිසා දුෂ්කරතාවට පත්ව සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර එලෙස අනුයුක්ත කිරීමට අපහසු ගර්භණී නිලධාරිනියන් රාජකාරි කටයුතුවලට බාධාවන් නොවන පරිදි නිවසේ සිට මාර්ගගත ක්‍රමය හරහා සිය රාජකාරි ඉටු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඔවුන් සිය ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.
එමෙන්ම පෞද්ගලික අංශය සඳහා ද මෙය අදාළ කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කරන ලෙස සිය ලිපිය මඟින් ඉල්ලීමක් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |