මාර්තු 01 වන දා රට පුරා කරන්න යන දේ මෙන්න..හැමෝම අවධානයෙන් සිටින්න..

Sri Lanka Politician Sri Lanka
By Aruna Feb 17, 2023 05:52 AM GMT
Report

මාර්තු මස 01 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ(16) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now