අද කරන්න යන දෙයක් නතර කරන්න හැදූ පොලීසියට කල්තියා ලැබුණ දේ මෙන්න..

Sri Lanka Police Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Apr 21, 2023 01:33 AM GMT
Report

මීගමුව සේල්ලන්දූව මංසන්ධිය ආශ්‍රිතව අද (21) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති පෙළපාලියකට එරෙහිව ආඥාවක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ.

මීගමුව සේල්ලන්දූව මංසන්ධිය ආශ්‍රිතව අද(21) ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති පෙළපාලියකට එරෙහිව ආඥාවක් නිකුත් කරන ලෙස පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර ඇත.

අදාළ ඉල්ලීම සලකා බැලූ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

එමගින් පොලීසිය පවසා ඇත්තේ, අදාළ පෙළපාලිය මගින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් විසින් සංවිධානය කර ඇති ව්‍යාපාරයට සමගාමීව දේශපාලන අරමුණු ඉටුකරගැනීමට මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දරනු ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවය.

එහිදී පොලීසිය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති රැස්වීම නීත්‍යානුකූලව සුදුසු මහජනතාවට රැස්විය හැකි ක්‍රීඩා පිටියක හෝ ස්ථානයක් වෙන්කරවාගෙන සිදුකිරීමටත් සාමය ආරක්ෂා කිරීමටත් ආඥාවක් නිකුත් කර ලෙසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එවැනි ආඥාවක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බවයි.

අදාළ ඉල්ලීම සලකා බැලූ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත.

කෙසේ වෙතත් යම් හෙයකින් මහජන දේපළවලට, මහජනතාවට හෝ පෞද්ගලික දේපළවලට හානියක් සිදුවන සිදුවන්නේ නම් වහාම ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට පොලීසියට හැකි බවද අධිකරණය සිය නියෝගයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now