සියළු වර්ජකයන්ගේ රැකියා අහෝසියි.. දේපල රාජසන්තකයි..දැඩි තීරණයක් ගනී?..
Sri Lanka
Vajira Abeywardena
By Aruna
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවත් ඒ පිළිබඳව තීරණාත්මක මොහොතක වැඩවර්ජන සිදුකර එම වැඩපිලිවෙල අඩාල කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරනවා.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන සියලු දෙනාගේම සියලු චංචල හෝ නිශ්චල දේපළ රාජසන්තක කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
එම චෝදනා යටතේ සිදුකරන නඩු විභාගයකින් අනතුරුව වරදකරු වන පුද්ගලයන්ට වසර දෙකක් හෝ ඊට නොඅඩු සිර දඬුවමක් ද හිමි වන බවද හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම අදාල කරන වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බවද පනතේ සඳහන් වන බවද වජිර අබේවර්ධන මහතා වැඩි දුරටක් කියා සිටියි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |