පිරිසක් ජල ටැංකියක නැග විරෝධතාවයක..

Strike Sri Lanka Sri Lanka Railways
By krishani Jan 10, 2023 07:00 AM GMT
Report

අද (10) රත්මලාන දුම්රිය අංගනයේ ජල ටැංකියකට නැගගත් දුම්රිය සේවකයින් 04 දෙනෙකු මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියත වී සිටින බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර නොවූ සේවකයන් 160 දෙනෙකුත් ස්ථිර නොකර ඒ අයගේ පුරප්පාඩු පිරවීම සඳහා බහු කාර්‍ය සංවර්ධන සහායක සේවකයන් 3,000ක ප්‍රමාණයක් ස්ථිර පදනම යටතේ බඳවා ගැනීමට විරෝධය දක්වමින් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.

ඔවුන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, තාවකාලික, ආදේශක,කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 10කට ආසන්න කාලයක සිට සේවයේ නිරත වී ඇති බව දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණ පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join