ෆෝන් හොරා අල්ලයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 19, 2023 02:58 PM GMT
Report

රාගම පොලිසිය විසින්, රාගම දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කළ සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු 36 හැවිරිදි රාගම දඹුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.

අදාළ සැකකරු මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී ලක්ෂ 7 ක පමණ වටිනාකමකින් යුත් ජංගම දුරකථන 10 ක් සොයා ගත් බවත් රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා සදහන් කළා.

සැකකරු රාගම දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන්ගෙන් සොරා ගන්නා ජංගම දුරකථන මාළිගාවත්ත ප්‍රදේශයට අලෙවි කර ඇතැයි විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බවත් පොලිසිය බාරයට ගත් ජංගම දුරකථන 10 පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් රාගම පොලිසියට පැමිණ තොරතුරු ලබා ගත හැකි බවත් බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න, 78997 පෙරේරා, 79574 සඳුන් යන මහත්වරු විමර්ශන මෙහෙයවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now