ෆයිසර් එන්නත් ගැන අලුත්ම තීරණයක්..

COVID-19 COVID-19 Vaccine World Health Organization Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jul 24, 2022 03:44 AM GMT
Report

ෆයිසර් සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ජුලි මාසයේ අවසානයේ කල් ඉකුත් වීමට තිබූ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ මෙරටට ආනයනය කර තිබූණු කාණ්ඩ 04කට අයත් මිලියන 07කට අධික ෆයිසර් එන්නත් තොගයක් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.

ජුලි මස 31 වන දින කල් ඉකුත්වීමට තිබූ මෙම එන්නත් තොගයේ කල්ඉකුත්වීමේ කාලය ඔක්තෝබර් මස 31 වනදා දක්වා දීර්ඝකර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.