මෙරටට රුසියාවෙන් ඉන්දන අඩු මිලට ගේන්න යයි..??

By Sithumi Nov 25, 2022 05:15 PM GMT
Report

 රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ, විදෙස් පුවත් සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාකදීයි. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර ආචාර ධර්ම සහ නීති උල්ලංඝනය නොකර සහන මිලට රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාව ඊට සුදානම් බවයි. රුසියානු බොරතෙල්, ජාත්‍යන්තර වෙළඳපොලෙන් ඉවත් කිරීමට කිසිම රටකට අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

එබැවින් සෘජුව රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා හෝ රුසියානු බොරතෙල් ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි එහිදී ප්‍රකාශ කර ඇත්තේ. යුක්‍රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමක් එල්ලවී ඇති බවත්, ඉදිරියේදී හෝ රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් ඒ සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

දැනට පවතින තෙල් මිල ශ්‍රී ලංකාවට දැරිය නොහැකි බැවින් අඩු මිලකට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකිනම් එහිදි ජාත්‍යන්තර නීති හා ආචාර ධර්ම උල්ලංඝනය නොවන්නේ නම් ඒ සඳහා නිසැකවම ශ්‍රී ලංකාව කටයුතු කිරීමට නියමිත බවයි අමාත්‍ය අලි සබි්‍ර වැඩිදුරත් පවසා ඇත්තේ.