ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්

Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news Puwath.lk Arrest
By R.rishma Oct 09, 2026 07:12 AM GMT
Report

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ ජනතා පෙත්සමක් අද (09) දකුණු පළාතෙන් ආරම්භ කර තිබෙනවා.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන අවසානයේ පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

ඒ සඳහා අද පෙරවරුවේ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක් සිදුකිරීමෙන් අනතුරුව අත්සන් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා.

දෙවිනුවර, මාතර, වැලිගම, හබරාදුව සහ ගාල්ල යන නගර කේන්ද්‍ර කරගනිමින් අද දිනය පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, හෙට (10) කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් එය ඉදිරියට ගෙන යාමට නියමිතයි.