ගුවන් හමුදාපතිගේ තීරණයට එරෙහිව පෙත්සමක්..
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ එතුමාව, අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලයි.
එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත මහතා, ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් සඳහන් කරයි.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |