මෙරට ජනතාවට අද දක්නට ලැබෙන විශාලතම උල්කාපාත වර්ෂාව.

By Sithumini Aug 11, 2024 07:10 AM GMT
Report


මේ වසරේ දක්නය ලැබෙන ප්‍රධානම උල්කාපාත වර්ෂාව ලෙස හැදින්වෙන්නේ පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාවයි.

මෙය පර්සියස් රාශිය ආශ්‍රිතව සිදුවන නිසා පර්සීඩ්ස් ලෙසින් හැදින්වෙනවා.

අද රාත්‍රියේ සහ හෙට අළුයම් කාලයේ මේ උල්කාපාත වර්ෂාව ජනතාව පියවි ඇසින් දැකගැනීමට හැකියාව පවතින බවයි අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසන්නේ.

උතුරු අහසේ මෙම වර්ෂාව දැකගත හැකි අතර අලුයම් කාලයේ වඩාත් හොදින් නිරීක්ෂණය වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මෙය නිරීක්ෂණයට ඒ අනුව කිසිදු දුරේක්ෂයක් හෝ වෙනත් උපකරණයක් අවද්‍ය වන්නේ නැහැ පැයකට උල්කාපාත 100 ක් පමණ දැකගත හැකි බවයි වාර්තා වන්නේ.