ඔයාටත් මේ දේ වුණා ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

People's Bank Businessman Online business Latest Headlines Decision Making
By krishani Apr 19, 2024 10:54 AM GMT
Report

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත නැවතත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පහත සඳහන් වන දුරකථන අංකවලින් හෝ වෙනත් නිර්නාමික අංකයකින් SMS ද ලැබී තිබේද යන්න සඳහන් කරමින් ය.

072 705 0594

075 987 5748

075 125 3975

071 077 2038

මෙම කෙටි පණිවුඩයේ ඔබගේ නමට ලැබුණු බව කියන පාර්සලයක් හෝ ත්‍යාගයක් සඳහන් වේ.

පාර්සලය/ත්‍යාගය ලබා ගැනීම සඳහා ලබා දී ඇති සබැඳිය ක්ලික් කරන ලෙස මෙම කෙටි පණිවුඩයේ සඳහන් වේ.

ඒ හරහා බැංකු ගිණුම් තොරතුරු, කාඩ්පත් තොරතුරු, Online ගනුදෙනු තොරතුරු ලබාගෙන මුදල් වංචා කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇත.

මේ නිසා, කරුණාකර මෙම අංකවලින් හෝ වෙනත් එවැනි නිර්නාමික අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ ඉතා ප්‍රවේශමෙන් කියවා ඔබේ ගිණුම් තොරතුරු, නොදන්නා වෙබ් අඩවිවල කාඩ්පත් තොරතුරු ඇතුළත් කිරීමෙන් සහ ඔබේ OTP අංකය, Pin අංකය වැනි අතිශය පුද්ගලික තොරතුරු වෙනත් තෙවන පාර්ශවයන් සමඟ බෙදා ගැනීමෙන් වළකින මෙන් මහජන බැංකුව ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


Gallery