ව්‍යාජ වීසා පෙන්වා ලක්ෂ ගණනින් මුදල් අරන් රට යන්න සිහින පෙන්නලා - ඔබත් ආරක්ෂිත ද?..
ඊයේ (09) දින, කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර මගින් පුද්ගලයින් ඉතාලියට යැවීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දින කිහිපයකට පෙර එම ඒකකයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ව්‍යාජ වීසා මගින් ඉතාලියේ යාමට තැත් කළ පුද්ගලයින් දෙදෙනෙකු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ තොරතුරු අනුවයි.
ඉතාලි වීසා සඳහා මෙම ජාවාරම්කරුවන් ලක්ෂ 25 ක් සහ ලක්ෂ 17ක මුදල් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය සහ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |