හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වන්න ආ ජන ගඟ. - හිටපු ජනපතිත් එයි. (VIDEO)

Palitha Thewarapperuma Sri Lanka Politician Death Funeral
By Wayomi Apr 19, 2024 05:56 AM GMT
Report

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබෙනවා .

අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික කටයුතු සිදුකර තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහු විසින්ම සකස් කළ සුසානයේදී දේහය මිහිදන් කිරීමට නියමිතයි.


දේහය පසුගිය 17 වනදා රාත්‍රියේ ඒ මහතාගේ නිවස වෙත රැගෙන ආ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රිය වන විටත් විශාල ජනතාවක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.