පවිත්‍රාට නවතම තනතුරක්..! .

European Union Mrs Pavithradevi Wanniarachchi Sri Lanka
By Sewvandhi Mar 13, 2023 04:29 PM GMT
Report

 ශ්‍රී ලංකා යුරෝපා සංධානයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මණ්ඩලය පත් කිරීමේ විශේෂ රැස්වීමේ දී, ශ්‍රී ලංකා - යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SL EUPFA) සභාපතිනිය ලෙස අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ව පත් කෙරී තිබෙනවා

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම රැස්වීම පැවැත්වී ඇති අතර, ඊට පාර්ලිමේන්තු මහලේකම් ධම්ම දසනායක ද සහභාගි වූ බව යි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi ද ආරාධිත අමුත්තා ලෙස මීට සහභාගී වී තිබේ.

මීට අමතර ව ශ්‍රීලනිපයේ නව ලේකම්වරුන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි පත් කර තිබෙනවා.

රැස්වීම අමතමින් කථානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ, දරිද්‍රතාව අවම කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, ප්‍රාදේශීය සංවර්ධනය, කෘෂිකර්මය, ජලය සහ සෞඛ්‍ය ඇතුළු පුළුල් පරාසයක ප්‍රකෘතිමත් වීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සඳහා වන දේශීය ප්‍රයත්නයන්ට සහාය වීමට සහ දායක වීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රදාන ලබා දී ඇති බව යි.

මේ අතර, රට තුළ ඇති වූ COVID-19 අර්බුදය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දුන් බව ද කථානායකවරයා රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now