පැතුම් කර්නර් රිමාන්ඩ්..!
Galle Face Protest
Ranil Wickremesinghe
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පැතුම් කර්නර් නැමැත්තා ලබන අගෝස්තු මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.
ප්‍රකාශයක් ලබා දිම සදහා ඔහු ඊයේ (28) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අතර ප්‍රකාශය ලබා ගැනිමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැණුනා.
පසුගිය 13වනදා බත්තරමුල්ල පොල්දුව මංසන්ධිය ආසන්යේ රැදී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දි එම ස්ථානයේ සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබු මාර්ග බාධක බිඳ හෙළිමට කටයුතු කිරිම පිළිබදව මෙම සැකකරුට චෝදනා එල්ල වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |