"..මේ ඔබ දකින්නේ රාජ්‍ය ත්‍රස්තවාදයේ උපරිම අවස්ථාව.." පැතුම් කර්නර් අත්අඩංගුව ගැනීමට ප්‍රථමව ලයිව් වීඩියෝවකින් ඇවිත් සියලු ජනතාවට හෙළිකළ දේ..(VIDEO)

Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 28, 2022 08:08 AM GMT
Report

සමාජ ක්‍රියාකාරික පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ දීයි.

ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට ඇතුලු වීමට ප්‍රථම සමාජ මාධ්‍යට ලයිව් වීඩියෝවක් ද මුදා හැරියා.


ඉකුත් 18 වෙනි දින ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසයි.

ජූලි 13 වන දින පැතුම් කර්නර් නැමැත්තා බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආසන්නයේ රැඳී සිටිමින් ජනතාවට එම ස්ථානයට පැමිණෙන ලෙස විවිධ ක්‍රම ඔස්සේ දැනුම් දී තිබේ. 

එමෙන්ම එම ස්ථානයේ සිටි පිරිස සමග පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබූ මාර්ග බාධක බිඳ හෙළීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now