පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගෙන් අලුත් දේශපාලන පක්ෂයක්.
ලබන මාසයේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
එය එක්සත් ජනරජ පෙරමුණ ලෙස නම් කර ඇති බව ඔහු සදහන් කළේ ය.
ඒ මහතාගේ ප්‍රකාශය පහතින්,
"ලබන මැයි මාසයේ නව දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා.මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න.කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් දේශපාලනය කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ.
ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ.ඒ වගේම යල්පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ.ඒක අපි මැයි මාසයේ දී එළිදක්වනවා.එකේ නම එක්සත් ජනරජ පෙරමුණ." යනුවෙනී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |