"Tik Tok" තහනම වෙනුවෙන් සම්මත වූ අලුත් පනත.
United States of America
TikTok
By Wayomi
"Tik tok" සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවයි.
ඒ, අනුව අදාළ පනතට අනුව "ටික්ටොක්" මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතයි.
එසේ ඉවත් කරගත නොගතහොත් අමෙරිකාව තුළ "ටික්ටොක්" යෙදුම අවහිර වනු ඇති බව වාර්තා වන්නේ.