මගී ගුවන් යානයක් විලකට කඩා වැටෙයි - (VIDEO /PHOTOS)

Plane Crash
By Sewvandhi Nov 06, 2022 09:00 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ටැන්සානියානු මගී ගුවන් යානයක් වයඹ දිග බුකෝබා නගරයට යාබද වික්ටෝරියා විලට කඩා වැටී තිබේ. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව මගීන් 49 දෙනාගෙන් 20 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති නමුත් මෙම සංඛ්‍යා නිල වශයෙන් තහවුරු කර නොමැත.

ගලවා ගැනීමේ සේවකයින් සහ ප්‍රදේශයේ ධීවරයින් දිවි ගලවා ගත් අය සොයා එම ස්ථානයේ සිටී. ඡායාරුප වලින් දැක්වෙන්නේ යානය සම්පූර්ණයෙන්ම වාගේ ජලයෙන් යට වී ඇති දුඹුරු සහ කොළ පැහැති වලිග වරල පමණක් ජලයට ඉහලින් ඇති බවත්, ගලවා ගැනීමේ සේවකයින් සහ ධීවර බෝට්ටු වලින් වටවී ඇති බවත්ය.

බුකෝබා ගුවන් තොටුපලේ ධාවන පථයේ එක් කෙළවරක් අප්‍රිකාවේ විශාලතම විල වන වික්ටෝරියා විලේ වෙරළට යාබදව පිහිටා ඇත.

Precision Air ගුවන් යානය ටැන්සානියාවේ විශාලතම නගරය වන Das es Salaam සිට Mwanza හරහා Bukoba වෙත යමින් සිටියදී කුණාටුවක් සහ අධික වර්ෂාවකට මුහුණ දුන් බව වාර්තා වේ. ප්‍රෙසිෂන් එයාර් යනු ටැන්සානියාවේ පුද්ගලික සතු විශාලතම ගුවන් සේවයයි

අනතුරට ලක් වූ  යානයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන  පහතින් ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGallery