පාස්පෝට් පෝලිමේ රැඳී සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Passport
Sri Lanka Fuel Crisis
By Sewvandhi
අත්‍යවශ්‍යම පුද්ගලයින් හැරුණු විට සෙසු පුද්ගලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙම අවස්ථාවේ පැමිණීමෙන් වළකින ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර, ගැබිනි කාන්තාවන් ට ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස බලධාරීන් දැනුම්දෙයි.
අද (07) උදෑසන විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසල පෝලිමේ රැඳී සිටි ගර්භණී කාන්තාවක් විසින් දරුවෙකු ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ, ආරක්ෂක හා ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් මොහාන් කුමාරසිංහ මහතා මේ බව කියා සිටියේය.
"ගැබිනි කාන්තාවක් නම් අනිවාර්යෙන්ම පෝලිම්වල සිටීමට අවශ්‍යතාවයක් නැහැ. ඇයට එම තත්ත්වය තහවුරු කිරීමෙන් පසු අපට පුළුවන් ඇයට වෙනම මාර්ගයක් ඔස්සේ ඉතා පහසුවෙන් එම ගමන් බලපත්‍රය ලබාගැනීමට අවකාශය සලසා දෙන්න."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |