අනිද්දා සිට නව විදේශ ගමන් බලපත්‍රයක්..වැඩි විස්තර මෙතනින් දැනගන්න..

Sri Lanka Politician Sri Lanka Passport Sri Lanka Customs Foreign Employment Bureau
By Aruna May 30, 2023 12:48 AM GMT
Report

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ජූනි 01 වැනිදා සිට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ හැකි හෝ ඔන්ලයින් ගමන් බලපත්‍රය අලුත් කර ගත හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව අනාවරණය කරයි.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට හෝ ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමට ජුනි 1 සිට ක්‍රියාත්මක වීමට හැකි වේ.

ඒ, පැවති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට සහභාගි වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ බව අනාවරණය කළහ.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡා වූ අතර එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කමිටු සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අන්තර්ජාලය ඔස්සේ වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳව කමිටුව තුළ සාකච්ඡාවක් ද සිදු විය.

ඉහත කාර්යය සඳහා විදේශිකයන්ට අපහසුවකින් තොරව වීසා ලබා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල දෙස් විදෙස් සංචාරකයන් සඳහා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යුරෝපය වැනි ඉහළ ආදායම් ලබන රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now