කිතුණු බැතිමතුන් ඉමහත් හරසරින් සමරන පාස්කු ඉරිදාව අදයි..රට පුරා ආරක්ෂාවට මුල් තැන දෙයි..

Sri Lanka
By Aruna Apr 09, 2023 01:57 AM GMT
Report

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා.

ලොව පුරා කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ඨානය වීම සිහිපත් කරමින් අද සිය ආගමානුකූලව සමරනු ලබීම විශේෂත්වයක්.

මේ වෙනුවෙන් ලොවපුරා සෑම කිතුණු දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙනවා.

කෙසේ නමුත් 2019න් පසුව මෙරට කිතුණු බැතිමතුන් පාස්කු ඉරුදින සමරනු ලබන්නේ වේදනාත්මක මතක ගොන්නක් සමඟ මනසෙහි දෙගිඩියාවෙන් ය.

ඒ 2019 වසරේ පාස්කු දින සැමරූ ප්‍රධාන දේවස්ථාන කිහිපයක්, තරු පංතියේ හෝටල් කිහිපයක් ඉලක්කව සාහසික ත්‍රස්ත ප්‍රහාරයකට නතුවීම නිසාවෙනි.

ඉන් දිවි අහිමි වූ, තුවාල ලැබූ පිරිස අතිමහත්. තවමත් ඉන් පීඩාවිඳි පිරිසට යුක්තිය ඉටුවී නොමැති බවත් කිවයුතුම කාරණයක්.

අද වැනි දිනයක අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ, යළි එවන් ඛේදනීය පුවත් අහන්න, දකින්න තරම් අප අවාසනාවන්ත නොවේවා යන්නයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now