හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (11) දිනයේ කැඳවා තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු දෙකට පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මේ අතර රට තුළ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ද අද දිනයේ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවෙන් ස්වාධීන වු පක්ෂ 11 අද පෙරවරුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡාවක් පවත්වා ඇති අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද අද රැස්වී ඉදිරි දේශපාලන කටයුතු පිළිබද ව තීන්දු තීරණ කිහිපයකට පැමිණ තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |