කතානායක හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..!

Mahinda Yapa Abeywardena Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 10:55 AM GMT
Report

කථානායකවරයා සවස් වරුවේ පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවා තිබේ.

එය අද පස්වරු පහට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මේ අතර අද දිනය තුළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපතිවරයා තමා වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඒ බව ප්‍රකාශ කළ බවය.

තමා මීට පෙර ප්‍රකාශ කළ පරිදි අද දින සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, ඒ සම්බන්ධයෙන් වන ලිපිය නිල වශයෙන් අද දිනය තුළ තමන්ට ලැබීමට සලස්වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව කථානායකවරයා සදහන් කළේය.

ඒ අනුව සැළසුම් කළ පරිදි ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට නියමිත බව ද කථානායකවරයා පැවසීය.

මේ හේතුවෙන් ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති කර නොගන්නා ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now