පාර්ලිමේන්තු ආහාර වියදම කෝටිය ඉක්මවූ හැටි.

Parliament of Sri Lanka
By Wayomi Mar 06, 2023 08:04 AM GMT
Report

පාර්ලිමේන්තුවේ ආහාර වියදම සියයට 30 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ,විදුලිය ගෑස් හා ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟයි.

පාර්ලිමේන්තුවේ ආහාර සඳහා මාසික වියදම රුපියල් ලක්ෂ අනූවක් පමණ වුවද දැන් එය කෝටිය ඉක්මවා ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වැය වන මුදලින් 60% කට අධික ප්‍රමාණයක් වැය වන්නේ එහි කාර්ය මණ්ඩලයේ ආහාරපාන වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට ආහාර ලබා ගන්නේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනවලදී පමණක් වන අතර ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ආහාර ලබා නොගනී.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දහසකට ආසන්න පිරිසක් සිටින බවත් සඳහන්.         


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...     

JOIN NOW