පාර්ලිමේන්තුවේ තවත් විශේෂ කාර්යකට දින නියම කෙරේ.

By Sithumi Nov 25, 2022 02:57 PM GMT
Report

එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවැනිවර කියවීමේ විවාදය දෙසැම්බර් 09 වනදා පැවැත්වීමට නියමිතයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කර තිබෙනවා. මීට පෙර දෙසැම්බර් 09 සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට තිබූ අතර මේ අනුව එය දෙසැම්බර් 10 දින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.  

එමෙන්ම ලබන 30 වනදා 2023 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයෙන් පසු 2022 මූල්‍ය වර්ෂයට අදාළ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සහ දේශීය භාණ්ඩාගාර ආඥා පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතව ඇති බවද පාර්ලිමේන්තු සංනිවේදන අංශය පවසනවා.